Monday 16 September 2019

නෙළුම් කුළුණ


 ශ්‍රී ලංකාවේකොළඹ පවතින මීටර 350 ක් උසැති කුළුණක් වන අතර, මෙය නෙලුම් පොහොට්ටුවක හැඩ ඇති නිසා "නෙලුම් කුලුණ" ලෙස නම් කෙරේ. ‍මෙම කුලුනේ ඉදි කිරීම් පිරිවැය ඈඩො මිලියන 104.3 ක් පමණ වන අතර, එම වියදම මහජන චීන ජනරජය සතු එක්සිම් (EXIM) බැංකුව මගින් දරනු ලැබේ.

ආකෘතිය

ඉදි කිරීම් ආකෘතිය නෙළුම් මලක හැඩයට සමාන වේ. නෙළුම් මල මගින් ශ්‍රී ලංකා සංස්කෘතියෙහි නිර්මලත්වය, සශ්‍රීකත්වය සහ දියුණුව පිළිබදව අර්ථ ගන්වයි. කුළුණේ පාදම සඳහාද නෙළුම් මලක හැඩය යොදා ගැනේ. කුළුණ සඳහා රෝස හා ලා කහ පැහැයට හුරු වර්ණ යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.

කුළුණ

කුළුණ මීටර 350 ක් උස වන අතර වර්ග මීටර 30,600 ක වපසරියකින් යුක්තයි.[9]

ගොඩනැගිල්ලේ අංග

කුළුණට ඇතුළු වීම සඳහා දොරටු 4 ක් පවතින අතර ඉන් 2 ක් විශේෂ අමුත්තන් සඳහා වෙන් වේ.

No comments:

Post a Comment